ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අලුත් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මන්දගාමී ලෙස ධනාත්මක ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම ආරම්භ කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් හැකිලුනු බවත් මෙම වසරේදී ද මෙරට ආර්ථිකය හැකිලෙනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත්තේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල සහ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව කලානුරූපීව ලබාගන්නා ප්‍රගතිය උපකල්පනය කරමින් මෙම පුරෝකථන ආසියානු සංවර්ධන බැංකුව සිදු කර තිබෙනවා.

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ දිගු කාලීන ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කළ යුතු බවත් වැරදි ප්‍රතිපත්තිමය තීරණ සහ තවත් කරුණු ගණනාවක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ බවත් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ලෙසට ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී ඇත්තේ 2016 සහ 2017 වසරේ ඇති වූ ව්‍යසනයන්, 2018 වසරේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය, 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය, 2020-2021 වසරවල ඇති වූ කොවිඩ් වසංගතය, 2022 වසරේ රුසියානු – යුක්රේන අර්බුදය, 2019 වසරේ සිදු කළ බදු කප්පාදුවයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.8 කින් හැකිලුනු බවත් එය මෙම වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇති බවත් ඉන් පසුව ලබන වසරේදී සියයට 1.3 ධනාත්මක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව ලබාගනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය වසරේ සියයට 46.4ක් වූ මෙරට උද්ධමනය මෙම වසරේදී සියයට 24.6 දක්වා අඩුවනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 5.5 දක්වා අඩුවනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?