විනිසුරු නියෝග ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුව ගෙන ඇති පියවර නීතිඥ සංගමය හෙළා දකී

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කිරීමට ගත් පියවර ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) හෙළා දකිනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය මෙලෙස පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය අනාවරණ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය වී නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් වන අතර අධිකරණ නියෝග වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පැහැදිලි කිරීම සඳහා කැඳවිය යුතු නැති බව ද එහි වැඩිදුරටත් සඳහන්.

අධිකරණ ක්‍රියාවලියට සිදුවන ඕනෑම මැදිහත්වීමක් භයානක පූර්වාදර්ශයක් සපයන බවත් එය දැඩි ලෙස හෙළා දැකිය යුතු බවත් නීතිඥ සංගමය අනතුරු අඟවනවා.

මේ අතර යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවද එම සංගමය පවසනවා.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ.

BASL


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07