ලිට්‍රෝ ගෑස් මිල අඩු වුණේ මෙහෙමයි

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,005 කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,728ක් දක්වා අඩුවෙනවා.

කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් – අඩුකළ මිල රු.402ක් (නව මිල රුපියල් 1,502)

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් – අඩුකළ මිල රු.183ක් (නව මිල රුපියල් 700)