කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ අවදානමක්

බස්නාහිර පළාතේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් සැළකිලිමත්ව සිටිය යුතු බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

මහනුවර දී අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

1615 වසරේ සිට මේ දක්වා බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශාල භූ කම්පන ප්‍රමාණයක් සිදුව ඇති බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.

මේ අතර බස්නාහිර පළාත ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයන් ඇති වෙන්නේ මුහුදේ ඇති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් බවට නිගමනය කළ හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඉදිරියේදීත් බස්නාහිර පළාත ආශ්‍රිතව යම්කිසි භූ කම්පන ප්‍රමාණයක් ඇති විය හැකි බව සඳහන් කළ ඔහු ඉතා අධික ජනගහණයක් ඇති එම පළාතේ තරමක් හෝ ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් විශාල විනාශයක් විය හැකි බවත් සඳහන් කර සිටියා.

ඒ, අනුව අදාළ ප්‍රදේශවල භූ කම්පන මාන හා අදාළ නවීන උපකරණ ස්ථාපිත කොට සුපරීක්ෂාකාරීව සිටීමට ක්‍රියාකළ යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම අදාළ දත්ත රැස් කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

“භූ විද්‍යාත්මක ඉතිහාසය අනුව අවුරුදු මිලියන 200 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාව, අප්‍රිකාව, මැඩගස්කරය, ඇන්ටාක්ටිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව එකම භූමියක් ලෙසින් තමයි පිහිටා තිබී තිබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ සංක්‍රමණය වෙලා තමයි ලංකාව දැන් මේ තියන ආකාරයෙන් ස්ථාපිත වෙන්නේ. අවසානයට ලංකාව හා ඉන්දියාව එකට හා වුණු ගොඩබිමක් වශයෙන් පැවතිලා තිබෙනවා. ඉන් කාලෙකට පස්සේ තමයි ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙන්නේ. මේ වෙන් වීම් සමඟ ලංකාව හා ඉන්දියානු මුහුදු අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලක්ෂණ රැසක් දක්නට ලැබෙනවා. මේ අභ්‍යන්තර මුහුදු භූමි තලයේ අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාව විශේෂයෙන් බස්නාහිර පළාත හරහා කොළඹ දක්වා ගමන් කරන ආකාරය පැහැදිලිව දැකගන්න පුළුවන්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39