පළමු T20 තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාර නවසීලන්ත අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගාවලියේ දී නවසීලන්තය මෙහෙයවීමේ වගකීම ටොම් ලේතම්ට හිමිව ඇති අතර,නවසීලන්ත විස්සයි විස්ස පිළේ නිත්‍ය නායක ටිම් සවුති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටීම ඊට හේතුව වී තිබෙනවා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී දී මෙම තරගය පැවැත්වෙන අතර නවසීලන්තය අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරග පහෙන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරග පහෙන් තරග දෙකක් ජයග්‍රහණය කර තරග තුනක් පරාජය වී තිබෙනවා.

මේ අතර නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි විස්ස තරගයක දී මුණගැසුනේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේදීයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී දෙපිළ මෙලෙස මුණගැසුනු අතර, එම තරගයෙන් ලකුණු 65ක ජයක් නවසීලන්ත සතු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක දී නවසීලන්ත පරාජයකර ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18