AFC Banner
Empty Ad
Empty Ad

මල් කැකුළක ජීවිතය තීරණය කළ කුප්පි ලාම්පුව

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ කුඩා බිළිඳියක් කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ඇති වූ ගින්නකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නිවස තුල විදුලි බලය හෝ වෙනත් අවම පහසුකම් කිසිවක් තිබී නොමැති ඒ හේතුවෙන් කුප්පි ලාම්පු දල්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලාම්පුවක් පෙරලීමෙන් හට ගත් ගින්නෙන් දැරිය බරපතල පිළිස්සුම් තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කිලිනොච්චි රෝහලත් ඉන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා තිබුණා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මෙලෙස මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?