රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවි ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනාවක්

රුසියාවේ නිල සංචාරයක නිරත වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකට එක් වී තිබෙනවා.

අමාත්‍යවරයා සමඟ නිරීක්ෂණයට එක් වූ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබුවේ රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔලෙග් යස්ට්‍රෙබොව් මහතා ඇතුළු නිලධාරීන් විසින්.

රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දීර්ඝ හා ශක්තිමත් සබඳතා පවත්වන බවත් වසර 60කට වැඩි ඉතිහාසයක් තුළ ශ්‍රී ලංකාවෙන් ඉහළ සුදුසුකම් ලත් සිසුන් 1000 කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබා දී ඇති බවත් මහාචාර්ය ඔලෙග් යස්ට්‍රෙබොව් මහතා අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කරනු ලැබුවා.

එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියගේ ද සහායෙන් පසුගිය වසරේ විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කළ බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍යවරයාගේ සංචාරය එම සහයෝගීතාව වර්ධනය කිරීමට තවත් ශක්තියක් වනු ඇති බවට මහාචාර්යවරයා විශ්වාසය පළ කරනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් ලැබෙන සුවිශේෂී දායකත්වය අගය කළ බන්දුල ගුණවර්ධන විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට දරන උත්සාහයේදී, උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන මෙම කාර්යයට මුලපිරීම සඳහා සිය උපරිම කැපවීම හා දායකත්වය ලබාදෙන බවටයි අමාත්‍යවරයා සහතික වී ඇත්තේ.

විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල සබඳතා වර්ධනය කිරීමට අමතරව රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශාඛාවක්‌ ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීමේ හැකියාව පිළිබඳව කටයුතු කිරීමට මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති වී තිබෙනවා.

නිල සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත පිරිස විශ්වවිද්‍යාලයේ දූත මණ්ඩල පාලන මධ්‍යස්ථානයේදී විශ්වවිද්‍යාලයේ නවතම අධිතාක්ෂණ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සඳහා ද එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23