සංගීත ප්‍රසංගයක් අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

ඊයේ රාත්‍රී පොළොන්නරුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරමග නතර කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.

සංවිධායක මණ්ඩලය විසින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක දැන්වීම් පළ කර තිබුණ ද ඔවුන් කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ප්‍රසංග භූමියට ඇතුලු වීම වෙනුවෙන් රුපියල් 1500ක ටිකට් පතක් ද අලෙවි කර ඇති අතර ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් සිදු කරන ආකාරයෙන් ප්‍රසංග වේදිකාව ද සකස් කර තිබූ බව සඳහන්.

රාත්‍රී 8ට පමණ සංගීත කණ්ඩායම පැමිණ මුල් ගීත කිහිපය ගායනා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබූ ප්‍රධාන කලාකරුවන් නොපැමිණීම මත ප්‍රේක්ෂකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවී තිබෙනවා.

පසුව ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි පිරිසක් වේදිකාව මතට නැගී ගීත ගායනා කිරීමට උත්සාහ කර ඇති අතර පසුබිම් සංගීතය නොමැති වීම හේතුවෙන් තත්ත්වය කලහකාරී වී ඇති බවයි වාර්තා වූයේ.

නිවේදකයා විසින් පවතින තත්වය පැහැදිළි කළ අතර ඔහු සඳහන් කළේ සංගීත කණ්ඩායමට වේදිකාව සහ ශබ්ද උපකරණ ඇතුලු කිසිවකට මුදල් නොගෙවා සංවිධායකයන් ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

මෙම සිදුවීම ප්‍රසංගය නැරඹීමට පැමිණි අයෙකු විසින් ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුණා.

https://www.youtube.com/watch?v=rQO3Uk7k754
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?