සංගීත ප්‍රසංගයක් අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

ඊයේ රාත්‍රී පොළොන්නරුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරමග නතර කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.

සංවිධායක මණ්ඩලය විසින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක දැන්වීම් පළ කර තිබුණ ද ඔවුන් කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ප්‍රසංග භූමියට ඇතුලු වීම වෙනුවෙන් රුපියල් 1500ක ටිකට් පතක් ද අලෙවි කර ඇති අතර ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් සිදු කරන ආකාරයෙන් ප්‍රසංග වේදිකාව ද සකස් කර තිබූ බව සඳහන්.

රාත්‍රී 8ට පමණ සංගීත කණ්ඩායම පැමිණ මුල් ගීත කිහිපය ගායනා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබූ ප්‍රධාන කලාකරුවන් නොපැමිණීම මත ප්‍රේක්ෂකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවී තිබෙනවා.

පසුව ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි පිරිසක් වේදිකාව මතට නැගී ගීත ගායනා කිරීමට උත්සාහ කර ඇති අතර පසුබිම් සංගීතය නොමැති වීම හේතුවෙන් තත්ත්වය කලහකාරී වී ඇති බවයි වාර්තා වූයේ.

නිවේදකයා විසින් පවතින තත්වය පැහැදිළි කළ අතර ඔහු සඳහන් කළේ සංගීත කණ්ඩායමට වේදිකාව සහ ශබ්ද උපකරණ ඇතුලු කිසිවකට මුදල් නොගෙවා සංවිධායකයන් ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

මෙම සිදුවීම ප්‍රසංගය නැරඹීමට පැමිණි අයෙකු විසින් ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුණා.

https://www.youtube.com/watch?v=rQO3Uk7k754
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21