දිය නෑමට ගිහින් කැළණි ගඟේ සැඟවුණු ජනිත් (වීඩියෝ)

නවගමුව – මාපිටිගම ⁣පාලම අසලින් කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් තිදෙනෙකු ඊයේ (31) සවස සැඩ පහරට ගසා ගෙන ගොස් තිබෙනවා.

එහිදී එක් තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් දෙදෙනාගේ දිවි ගලවා ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලී මිය ගිය තරුණයාගේ මෘත ශරීරය අද (01) දින නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිළධාරීන් විසින් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියතු මෙම තරුණයින් සිව්දෙනා ඊයේ සවස කැළණි ගඟේ දිය නාමින් සිටිය දී එක් තරුණයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ඔහුව බේරාගැනීමට තවත් තරුණයින් දෙදෙනෙක් දියට පැන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා ද ගසාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී අසල සිටි ප්‍රදේශවාසීන් විසින් තරුණයින් දෙදෙනෙකු බේරාගැනීමට හැකිව ඇති බවයි නවගමුව පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවර, හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරුණයෙක්.

https://youtu.be/rHzIbonX2UU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21