IPL වසන්තය අරඹමින් දෝනිගේ චෙන්නායි පිළට ගුජරාටයේ බලය පෙන්වයි

ක්‍රිකට් පිටියට වසන්තය උදාකරන ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැළකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වන දිගහැරුම ඊයේ (31) රාත්‍රියේ ආරම්භ වුණා.

මෙවර තරගාවලිය අරඹමින් පසුගිය වර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ සිව්වරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් මහේන්ද්‍ර සිං නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් පිළ ඊයේ රාත්‍රියේ තරග බිමට පිවිසියා.

මෙම තරගයෙන් පසුගිය වර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් පිළ ජය ගත්තේ චෙන්නායි පිළ කඩුලු 05කින් පරාජය කරමින්.

පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් ගුජරාට් පිළ පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ, අනුව ගුජරාට් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178ක්.

එහිදී ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් පන්දු 50ක් තුළ ලකුණු 92ක් රැස්කරමින් චෙන්නායි ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන්නා.

පන්දු යැවීමේ දී රෂිඩ් ඛාන්, මොහොමඩ් ෂාමි සහ අල්සාරි ජෝසප් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 179ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් පිළේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලකුණු 63ක් සහ වෘද්ධිමාන් සහා ලකුණු 25ක් රැස් කළා.

අවසානයේ ගුජරාට් පිළ ජයග්‍රහණය කරා රැගෙන ගිය ෂිඩ් ඛාන් සහ රාහුල් තේවාටියා නොදැවී පිළිවෙලින් ලකුණු 10ක් සහ 15ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 02ක් තුළ අදාළ ඉලක්කය පසුකර යමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙම තරගයේ ජය හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37