කුඩු අංජුගේ ප්‍රධාන මුදල් අයකැමි අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලාන කුඩු අංජු නමැත්තාගේ  මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වසර 4ක පමණ කාලයක දී රුපියල් කෝටි 400ක මුදලක් ජාවාරම්කරු වෙත බැර කළ බවයි හෙළිවී ඇත්තේ.

සරත්, මොහොමඩ් හා අශිශ් යන අන්වර්ථ නම්වලින් පෙනී සිටිමින් හා වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ලබාගත් සිම්පත් ජංගම දුරකථනවලට යොදා භාවිතා කරමින් සැඟව සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනාවරණය කර ගත් තොරතුරු මත සැකකරු විමර්ශන ඒකක 3 වෙත  කැඳවීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව සැකකරුගෙන් පැය 9ක් පුරා සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ඔහු රත්මලාන කුඩු අංජු ගේ ප්‍රධාන මුදල් අයකැමි බවට හෙළිවී ඇත්තේ.

2019 වසරේ සිට 2022 වසර දක්වා වසර 4ක කාලයක් තුළ කොළඹ ප්‍රදේශයේ පමණක් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 400ක පමණ මුදලක් කුඩු අංජු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබා දුන් අංකවලට බැර කළ බව සැකකරු අනාවරණය කර තිබෙනවා.

එම කටයුතු වෙනුවෙන් තමන්ට මාසිකව රුපියල් ලක්ෂ 2ක වැටුපක් ගෙවූ බව පවසා තිබූ සැකකරු ඊට අමතරව කෝටියක පමණ මුදලක් වැයකර පොල්ගස්ඕවිට හල්පිට ප්‍රදේශයෙන් නිවසක්, හම්බන්තොට ප්‍රදේශයෙන් නිවාඩු නිකේතනයක් මෙන්ම අක්කර හයක පමණ වගා ඉඩමක් මිලදී ගත් බවයි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ.

ඊට අමතරව කුඩු අංජු නම් පුද්ගලයා ලබාදෙන උපදෙස් මත රුපියල් ලක්ෂ ගණනින් කුඩු අංජුගේ මවට, සහෝදරයාට සහ නෑනාට මෙන්ම ඔහුගේ සහෝදරියකගේ නමට මෝටර් රථ මිලදී ගැනීමට මුදල් ලබා දුන් බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු මෙම සියළුම ගණුදෙනු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සිදුකර ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සිට බවත් සඳහන්.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43