ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප ගැන ලිපියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ වැටුප් ගෙවීම සඳහා නොපමාව අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසට ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ ඡන්ද විමසීමකදී නාම යෝජනා භාර දුන් රජයේ නිලධාරීන්ට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල නිකුත් වන තෙක් වැටුප් රහිත නි්වාඩු අනුමත කිරීම පිළිවෙත බවයි.

මේවන විට ඡන්ද විමසීම කල් තබා ඇති බැවින් දිගු කාලසීමාවක් වැටුප් රහිත නිවාඩු මත සිටීම තුළින් එම නිලධාරීන් සහ ඔවුන්ගේ දරු පවුල් ඉමහත් අපහසුතාවට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

අවුරුදු උත්සව සමය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් බැරෑරුම් වීම හේතුවෙන් ඔවුන් මහත් අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි සමන් රත්නප්‍රිය මහතා සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.

Saman Rathnapriya Letter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34