Empty Ad
Empty Ad
 Empty Ad

මිලියන 54ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165කට අධික තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් අග්බෝ නෞකාව මඟින් මාදගල් වෙරළ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ සිදු කල විශේෂ පාමුර සංචාරයකදී යි මෙම කේරළ ගංජා සොයාගෙන ඇත්තේ.

එම වෙරළ තීරයේ සඟවා තිබූ සැක කටයුතු උර 08ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එහිදී, පාර්සල් 71ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 150 ග්‍රෑම් 390ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක පාර්සල් 07ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 15 ග්‍රෑම් 05 ක තොගයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ සහ මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 54කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට ඡන්ද දුන්න අයට නිවන් සැප ලැබේවා - අපිලගේ සාදුට - තාමත් වයර් ශෝට්
05:43
Video thumbnail
පිස්සුද එහෙම ලේසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නෑ #mahindarajapaksha
01:56
Video thumbnail
මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී - "මේ ඉන්නේ අපේ කළු සිංහයා"
04:48
Video thumbnail
මහින්දගේ වැඩිම මනාප වාර්ථාව විජිත හේරත් බිඳ දමයි - දෙන එක දීලා තියෙනවා ඇඬෙන්නම
01:52
Video thumbnail
රට වෙනුවෙන් දියවන්නාවට යන්න වරම් ලබපු දිරිය කාන්තාවෝ - ජාති ආගම් නෑ මෙදාපාර
00:59
Video thumbnail
ඔබට සතුටුයිද දැන් ? "අපේ රටේ බොරුව රජ කරමින් ඉන්නවා"
01:07
Video thumbnail
2/3කේ බලය කියන්නේ දෙපැත්ත කැපෙන දැලි පිහියක් වගේ - හරියට පාවිච්චි නොකළොත් ජනතාව ආය උත්තර දෙයි
04:48
Video thumbnail
ඇඟේ මයිල් කෙලින් වෙන්න ටිල්වින් එදා කිව්ව කතාව අද මුලු රටේම යථාරතයක් වෙලා
02:33
Video thumbnail
වතුකරයේ යකඩ කාන්තා හඬ - අම්බිකා සහෝදරිය පිළිගත් අයුරු
01:26
Video thumbnail
මාතරින් දියවන්නාවට එන්න වරම් ලබපු මුස්ලිම් සහෝදරයා මුල්වරට මාධ්‍යට කිව්ව දේ #npp #election2024
02:27

?