බේරුවල පාළු ඉඩමක නවතා තිබූ ත්‍රිරෝද රථයක් ළඟ පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

බේරුවල, හෙට්ටිමුල්ල ගාලු පාරේ පාළු ඉඩමක නවතා තිබූ ත්‍රිරෝද රථයක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

බේරුවෙල පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (26) රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වන දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා වාද්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නියුතු 35 හැවිරිදි විවාහක කාන්තාවක් සමඟ ඊයේ (26) සවස මෙම පාළු ඉඩමට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් ත්‍රිරෝද රථය එම ඉඩමේ නවතා එහි පැයක් පමණ කාලයක් රැඳී සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව විසින් බේරුවල පොලිසියට සිදුකළ දැනුම්දීමක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

අදාළ කාන්තාව මියගිය පුද්ගලයා කලක සිට හඳුනන බවත් පොලිසියට පවසා තිබෙනවා.

ඇය පොලිසියට ලබා දී තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් සහ ඒ අවට ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම දෙදෙනාගේ දුරකථන වාර්තා දත්ත ද විමර්ශනය කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා සහ මෙම කාන්තාව අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ තවමත් අනාවරණය වී නැහැ.

මළ සිරුර සම්බන්ධයන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) උදෑසන සිදුකිරීමෙන් පසු මෘත ශරීරය කළුතර – නාගොඩ ශික්ෂණ රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබෙනවා.

බේරුවල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26