එංගලන්ත සුපිරි තරුවට IPL ගිලිහෙයි

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරුවෙකු වන ජොනී බෙයාර්ස්ටෝ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක් නොවන බවට තොරතුරු වාර්තා වනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දී ද බෙයාර්ස්ටෝ පසුගියවර මෙන්, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටියා.

කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු තවමත් සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව බෙයාර්ස්ටෝගේ ශාරීරික යෝග්‍යතාව තවමත් පූර්ණ වශයෙන් යහපත් තත්ත්වයක නොමැතිවීම හේතුවෙන් ඔහුට මෙලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මඟ හැරී යනවා.

මේ අතර පන්ජාබ් කිංග්ස් කණ්ඩායාමේ බෙයාර්ස්ටෝගේ ස්ථානය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් ෂෝර්ට් එක්කර ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලකුණු 400කට වඩා රැස්කර කඩුලු 11ක් දවාගනිමින් පසුගියදා පැවැති බී.බී.එල්. තරගාවලියේ දී තරගාවලියේ වීරයා බවට පත්වීමට මැතිව් ෂෝර්ට් ට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?