එංගලන්ත සුපිරි තරුවට IPL ගිලිහෙයි

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරුවෙකු වන ජොනී බෙයාර්ස්ටෝ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක් නොවන බවට තොරතුරු වාර්තා වනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දී ද බෙයාර්ස්ටෝ පසුගියවර මෙන්, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටියා.

කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු තවමත් සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව බෙයාර්ස්ටෝගේ ශාරීරික යෝග්‍යතාව තවමත් පූර්ණ වශයෙන් යහපත් තත්ත්වයක නොමැතිවීම හේතුවෙන් ඔහුට මෙලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මඟ හැරී යනවා.

මේ අතර පන්ජාබ් කිංග්ස් කණ්ඩායාමේ බෙයාර්ස්ටෝගේ ස්ථානය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් ෂෝර්ට් එක්කර ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලකුණු 400කට වඩා රැස්කර කඩුලු 11ක් දවාගනිමින් පසුගියදා පැවැති බී.බී.එල්. තරගාවලියේ දී තරගාවලියේ වීරයා බවට පත්වීමට මැතිව් ෂෝර්ට් ට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16