රුසියානු න්‍යෂ්ටික අවි බෙලරුසියාවේ ස්ථාපිත කිරීමට ගිවිසුමක්

අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම සඳහා ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල චෝදනා වර්ධනය වෙමින් සහ සිදුවිය හැකි න්‍යෂ්ටික ප්‍රහාර ගැන ඇතැම් රුසියානු විචාරකයින් අදහස් දක්වමින් සිටින අවස්ථාවකයි පුටින් ඊයේ මෙම නිවේදනය නිකුත් කළේ.

1990 දශකයේ මැද භාගයෙන් පසු මොස්කව් එවැනි ආයුධ රටෙන් පිටත ස්ථාපිත කරන පළමු අවස්ථාව ලෙසට මෙම සිදුවීම සනිටුහන් කෙරෙනවා.

ලෝකයේ අනෙක් න්‍යෂ්ටික සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සඳහන් කළේ රුසියාව සහ බෙලරුසියාව පසුගිය වසර පුරා එවැනි ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණ ද රුසියාව සිය න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවට කිසිදු සලකුණක් නොමැති බවයි.

“උපක්‍රමික” න්‍යෂ්ටික අවි යනුවෙන් අදහස් කරනු ලබන්නේ නගර සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාව ඇති ඒවාට වඩා යුධ පිටියේ නිශ්චිත ජයග්‍රහණ සඳහා භාවිතා කරන ඒවායි.

කෙසේවෙතත් තවමත් රහස්‍යභාවයෙන් වැසී ඇති ප්‍රදේශයක් බැවින් රුසියාව සතුව එවැනි ආයුධ කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ තම රට තුළ උපායශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම පිළිබඳ දිගු කලක් තිස්සේ මතු කළ බව පුටින් රාජ්‍ය රූපවාහිනියට ප්‍රකාශ කර තිබෙනවා.

“මෙහි ද අසාමාන්‍ය දෙයක් නැත, එක්සත් ජනපදය මෙය දශක ගණනාවක් තිස්සේ කරමින් සිටී. ඔවුන් දිගු කලක් තිස්සේ ඔවුන්ගේ උපායශීලී න්‍යෂ්ටික අවි ඔවුන්ගේ මිත්‍ර රටවල භූමියේ ස්ථානගත කර ඇත,”

එහෙත් බෙලරූස් ජනාධිපතිවරයාගෙන් මෙතක් මේ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නැහැ.

නේටෝ සාමාජික රටවල් වන පෝලන්තය, ලිතුවේනියාව සහ ලැට්වියාව සමඟ දේශසීමා ඇති බෙලරූස් රාජ්‍ය වෙත ආයුධ රැගෙන යනු ලබන්නේ කවදා ද යන්න පුටින් මෙතක් හෙළි කර නොමැති බව ද සඳහන්.

න්‍යෂ්ටික තොරතුරු ව්‍යාපෘති අධ්‍යක්ෂ හාන්ස් ක්‍රිස්ටෙන්සන් පැවසුවේ, මෙය නේටෝව බිය ගැන්වීමට උත්සාහ කිරීමේ පුටින්ගේ ක්‍රීඩාවේ කොටසක් බවයි. මක්නිසාද යත්, බෙලරුස්හි රුසියාවේ න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීමෙන් කිසිදු යුදමය උපයෝගිතාවක් රුසියාවට නොමැති වීමයි.

රුසියාව සහ බෙලරුසියාව අතර සමීප යුද සබඳතාවක් ඇති අතර පසුගිය වසරේ යුක්රේනයට හමුදා යැවීමට බෙලරූස් භූමිය භාවිතා කිරීමට එරට බලධාරීන් අවසර ලබාදී තිබුණා.

පසුගිය ජනවාරි මාසයේදීත් ජාතීන් දෙක එක්ව ඒකාබද්ධ හමුදා පුහුණුවක ද නිරත වූ බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

පුටින් විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ගිවිසුමේ කොටසක් ලෙස, රුසියාව ජූලි 1 වනදා වන විට බෙලරුස් හි උපායශීලී න්‍යෂ්ටික අවි ගබඩා කිරීමේ පහසුකම් ඉදිකිරීම අවසන් කරනු ඇති.

උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි ගුවන් යානා 10ක් රුසියාව බෙලරුසියාවේ ස්ථානගත කර ඇති බවත්, න්‍යෂ්ටික අවි දියත් කළ හැකි ඉස්කැන්ඩර් උපායශීලී මිසයිල පද්ධති ගණනාවක් මොස්කව් දැනටමත් බෙලරුස් වෙත මාරු කර ඇති බවත් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

1991 වසරේදී සෝවියට් සංගමය බිඳවැටුණු විට, රුසියාව, යුක්රේනය, බෙලාරුස් සහ කසකස්තානය යන ස්වාධීන රාජ්‍යයන් හතරෙහි න්‍යෂ්ටික අවි ස්ථාපිත කරනු ලැබුවා.

1992 වසරේ මැයි මාසයේදී එම රාජ්‍යයන් හතර සියලු ආයුධ රුසියාවේ ස්ථාපිත විය යුතු බවට එකඟ වූ අතර යුක්රේනය, බෙලාරුස් සහ කසකස්තානය වෙතින් යුධ අවි මාරු කිරීම 1996 දී අවසන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14