ඉන්දීය ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශ ලේකම්වරයා සහ විදුලිබල ඇමති අතර සාකච්ඡාවක්

මෙරටට පැමිණ සිටින ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡා කර තිබෙනවා.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවදානය යොමු වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙහි දී බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධන කිරීම, තෙල් හා ගෑස් ගවේෂණය, පුනර්ජනනීය බලශක්තිය, ද්‍රව ස්වභාවික වායුවල යටිතල පහසුකම් සංවර්ධන සහ සැපයුම හා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලිප් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

මෙම විශේෂ ඉන්දීය දූත පිරිසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජෙකබ්, ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ විශේෂ කාර්ය භාර නිලධාරිනී ඊෂා ශ්‍රීවාස්තවා, IOC සමාගමේ සභාපති, එස්.එම්. වෛද්‍ය ඉන්දියා ලිමිටඩ් ඉන්ජිනියර්ස් සමාගමේ සභාපති වර්තිකා ශුක්ලා, Petronet LNG Limited කළමනාකාර අධ්‍යක්ෂ ඒ.කේ. සිං, ONGC Videsh Limited හි කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ෂි ගුප්තා, ඉන්දියානු ඛනිජතෙල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අමිත් ග්‍රේග් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20