ඡන්දය ගැන මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බව අගමැති කියයි

පළාත් පාලන මැතිවරණය පවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී විපක්ෂ නායකවරයා කියාසිටියේ, මැතිවරණය වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 10 මැතිවරණ කොමිසමට ලබා දී මැතිවරණය පැවත්වීමේ වගකීම ආණ්ඩුවට ඇති බවයි.

“පාර්ලිමේන්තු සැසිවාරය පටන් ගන්න කලින් මුද්‍රණාලයෙ නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන්නේ කියලා. ඒ ගොල්ල කියනවා අපි ප්‍රින්ට් කරන්න සූදානම් සල්ලි ටික දෙන්න කියලා”

විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් කැඳවා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

“අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නෙ, නෑ. ඒක අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන, කොමිසමේ සියලු දෙනා එයිද මම දන්නෙ නෑ.. ඒත් ඉදිරි දිනවලදී ඉතා ඉක්මනින් කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ, පළාත් පාලන මැතිවරණය කවදා පවත්වයි ද යන්න පිළිබඳව කිසිවෙකුත් නොදන්නා බවයි.

”මැතිවරණය සංසාරෙ වගේ මේක කවද වෙනවාද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට කියන්නෙත් නෑ..”

පසුව අදහස් දැක්වමින් අනුර කුමාර දිසානායක පැවසුවේ, විධායකය විසින් හිතුවක්කාර ලෙස ඡන්දය කඩාකප්පල් කරන බවයි.

“විධායකය හිතුවක්කාර ලෙස ඡන්දය කඩාකප්පාල් කරනවා. ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරයක්. මැතිවරණ කොමිසමේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා විධායකය බාධා කරන නිසා තමයි. අධිකරණයේ සහනය පතන්න වෙලා තියෙන්නේ ”

පසුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග කියා සිටියේ, ආණ්ඩුව කිසිදු අවස්ථාවක ඡන්දය කල් දැමීමට කටයුතු කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16