රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු බවට නම් කරයි

සාපරාධී අපහාස නඩුවකට වරදකරු වීම හේතුවෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සූරත් හි අධිකරණයක් විසින් ඔහු වරදකරු කරනු ලැබුවේ ඊයේ දිනයේදී යි.

එම තීරණය ලැබීමෙන් දිනකට පසු, කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ලෝක් සභාවට නුසුදුස්සකු බවට නම් කර තිබෙනවා.

රාහුල් ගාන්ධිගේ නුසුදුසු බව දැනුම් දෙමින් ලෝක් සභා මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තීරණය ඔහු වරදකරුවෙකු වූ ඊයේ (23) සිට ක්‍රියාත්මක වන බවයි.

රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි අධිකරණයක් විසින් ඊයේ වසර දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2019 වසරේ ගොනු කළ සාපරාධී අපහාස නඩුවක වරදකරු වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔහුට ඇප නියම වූ අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30කට අත්හිටුවා තිබෙනවා.

සියලු සොරුන්ට මෝඩි යන පොදු වාසගම ඇත්තේ කෙසේද? යනුවෙන් කළ ප්‍රකාශයට එරෙහිව භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණා.

2019 ලෝක් සභා මැතිවරණයට පෙර කර්නාටකයේ කෝලාර් හි පැවති රැලියක් අමතමින් රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කළේ, පලාගිය ව්‍යාපාරිකයන් වන නිරාව් මෝඩි සහ ලලිත් මෝඩිගේ වාසගම සම්බන්ධයෙන් අගමැති මෝදි ද ඉලක්ක කරමින්.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී පූර්ණේෂ් මෝදි සිය පැමිණිල්ලෙන් චෝදනා කළේ ගාන්ධි මහතා 2019 මැතිවරණ රැලිය අමතමින් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවයි.

ගාන්ධි මහතාගේ නීතිඥවරයා අධිකරණයේ කටයුතු ආරම්භයේ සිටම මෙම නඩුව දෝෂ සහිත බවට තර්ක කළ අතර ගාන්ධිගේ කතාවේ ප්‍රධාන ඉලක්කය අගමැතිවරයා වූ බැවින් නඩුවේ පැමිණිලිකරු විය යුතුව තිබුණේ අගමැති නරේන්ද්‍ර මෝදි මිස මන්ත්‍රී පූර්ණේෂ් මෝඩි නොවන බවටයි නීතිඥවරයා තර්ක කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16