රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු බවට නම් කරයි

සාපරාධී අපහාස නඩුවකට වරදකරු වීම හේතුවෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සූරත් හි අධිකරණයක් විසින් ඔහු වරදකරු කරනු ලැබුවේ ඊයේ දිනයේදී යි.

එම තීරණය ලැබීමෙන් දිනකට පසු, කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ලෝක් සභාවට නුසුදුස්සකු බවට නම් කර තිබෙනවා.

රාහුල් ගාන්ධිගේ නුසුදුසු බව දැනුම් දෙමින් ලෝක් සභා මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තීරණය ඔහු වරදකරුවෙකු වූ ඊයේ (23) සිට ක්‍රියාත්මක වන බවයි.

රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි අධිකරණයක් විසින් ඊයේ වසර දෙකක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2019 වසරේ ගොනු කළ සාපරාධී අපහාස නඩුවක වරදකරු වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔහුට ඇප නියම වූ අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30කට අත්හිටුවා තිබෙනවා.

සියලු සොරුන්ට මෝඩි යන පොදු වාසගම ඇත්තේ කෙසේද? යනුවෙන් කළ ප්‍රකාශයට එරෙහිව භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණා.

2019 ලෝක් සභා මැතිවරණයට පෙර කර්නාටකයේ කෝලාර් හි පැවති රැලියක් අමතමින් රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කළේ, පලාගිය ව්‍යාපාරිකයන් වන නිරාව් මෝඩි සහ ලලිත් මෝඩිගේ වාසගම සම්බන්ධයෙන් අගමැති මෝදි ද ඉලක්ක කරමින්.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී පූර්ණේෂ් මෝදි සිය පැමිණිල්ලෙන් චෝදනා කළේ ගාන්ධි මහතා 2019 මැතිවරණ රැලිය අමතමින් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවයි.

ගාන්ධි මහතාගේ නීතිඥවරයා අධිකරණයේ කටයුතු ආරම්භයේ සිටම මෙම නඩුව දෝෂ සහිත බවට තර්ක කළ අතර ගාන්ධිගේ කතාවේ ප්‍රධාන ඉලක්කය අගමැතිවරයා වූ බැවින් නඩුවේ පැමිණිලිකරු විය යුතුව තිබුණේ අගමැති නරේන්ද්‍ර මෝදි මිස මන්ත්‍රී පූර්ණේෂ් මෝඩි නොවන බවටයි නීතිඥවරයා තර්ක කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?