අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට යල කන්නයේ දී දීමනාවක්

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක් යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් ලබා දීමට එම නියෝජිතායතනය එකඟත්වය පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

USAID ආයතනය විසින් තෝරාගෙන ඇති පරිදි මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල දිස්ත්‍රික්කවල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතයි.

මෙම ගොවි පවුල්වල ජීවන තත්ත්වයන් නඟා සිටුවීමේ අරමුණින් මෙම දීමනාව ලබා දෙන අතර පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දුන් ගොවි පවුල් මේ සඳහා ඇතුළත් වනවා.

පසුගිය මහ කන්නය තුළ මෙරට ගොවි ජනතාවට එක් ගොවි පවුලකට රුපියල් එක්ලක්ෂ නවදහසක පමණ මුදලක් රජය හා වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන් සහනාධාර වශයෙන් ලබා දී තිබෙනවා.

යූරියා පොහොර අඩු මිලට ලබා දීම, ඉන්ධන නොමිලයේ ලබා දීම, බන්ඩි පොහොර අවම මිලක් යටතේ ලබා දීම හා කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් 20,000ක් හා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදල් ලබාදීම, ‌ගොවි ගිණුම්වලට රුපියල් 10,000ක් හා 20,000ක් වශයෙන් මුදල් බැර කිරීම වැනි සහන ඊට අයත්.

රජය වැය කළ මුදල එක් කළ විට එක් ගොවියෙකුට රුපියල් එක් ලක්ෂ නවදහසක් වැනි මුදල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වෙනත් කිසිදු වගා කන්නයක දී මේතරම් විශාල මුදල් ප්‍රමාණයක් ගොවි ජනතාව වෙත සහනාධාර වශයෙන් ලබා දී නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?