බිළිඳු මළ සිරුරු දෙකක් හමුවෙයි

දිවයිනේ ප්‍රදේශ දෙකකින් බිළිඳු මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

එක් මළ සිරුරක් හමුවී ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ ජල නලයක තිබියදීයි.

අනෙක් සිරුර කෙසෙල්ගමු ඔයෙන් සොයාගෙන තිබෙනවා.

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබී අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බවට සැක කෙරෙන බිළිඳියකගේ සිරුර සොයාගෙන ඇත්තේ අද දහවල් කාලයේයි.

බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිළ මහා විදුහල අසලින් ගලා බසින ඔයේ බිළිඳු මළ සිරුරක් ඇති බවට එම වතුයායේ පදිංචි කම්කරුවන් විසින් බගවන්තලාව පොලිසියට දැනුම් දී තිබුණා.

ප්‍රසුතියෙන් පසු බිළිඳු සිරුර කෙසෙල්ගමුඔයට ගෙනවිත් දැමුවා ද නැතහොත් ගබ්සාවකින් පසු කළලය ඔයට ගෙනවිත් දැමුවා ද යන්න පිළිබඳ බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ගොඩගත් සිරුර දින තුනකට පමණ ඉහතදී ප්‍රසුත කළ හෝ ගබ්සා කළ කළලයක් බවට පොලිසිය සැක කරනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ කඩ වැටුණු ජල නලයක් තුල තිබී බිළිඳු සිරුරක් සොයා ගැණුනා.

රෝහලේ ඉහළ මහළක සිට පහළට පැමිණෙන ජල නලයක තිබී සිරුර සොයාගෙන ඇති අතර ප්‍රසූත කිරීමෙන් පසු ජල නලයට බිළිඳා දමන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම බිළිඳාගේ මව කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වි නොමැති අතර රෝහල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?