බිළිඳු මළ සිරුරු දෙකක් හමුවෙයි

දිවයිනේ ප්‍රදේශ දෙකකින් බිළිඳු මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

එක් මළ සිරුරක් හමුවී ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ ජල නලයක තිබියදීයි.

අනෙක් සිරුර කෙසෙල්ගමු ඔයෙන් සොයාගෙන තිබෙනවා.

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබී අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බවට සැක කෙරෙන බිළිඳියකගේ සිරුර සොයාගෙන ඇත්තේ අද දහවල් කාලයේයි.

බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිළ මහා විදුහල අසලින් ගලා බසින ඔයේ බිළිඳු මළ සිරුරක් ඇති බවට එම වතුයායේ පදිංචි කම්කරුවන් විසින් බගවන්තලාව පොලිසියට දැනුම් දී තිබුණා.

ප්‍රසුතියෙන් පසු බිළිඳු සිරුර කෙසෙල්ගමුඔයට ගෙනවිත් දැමුවා ද නැතහොත් ගබ්සාවකින් පසු කළලය ඔයට ගෙනවිත් දැමුවා ද යන්න පිළිබඳ බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ගොඩගත් සිරුර දින තුනකට පමණ ඉහතදී ප්‍රසුත කළ හෝ ගබ්සා කළ කළලයක් බවට පොලිසිය සැක කරනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ කඩ වැටුණු ජල නලයක් තුල තිබී බිළිඳු සිරුරක් සොයා ගැණුනා.

රෝහලේ ඉහළ මහළක සිට පහළට පැමිණෙන ජල නලයක තිබී සිරුර සොයාගෙන ඇති අතර ප්‍රසූත කිරීමෙන් පසු ජල නලයට බිළිඳා දමන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම බිළිඳාගේ මව කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වි නොමැති අතර රෝහල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?