වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට සැලසුම්

මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ “බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” පිළිබඳ ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී යි.

හුණුපිටිය, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය පල්ලේගම රතනසාර ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද සහභාගී එක්ව සිටියා.

“බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” 2023 මැයි 05,06 සහ 07 යන තෙදින කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍ර ආශ්‍රිතවයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ජාතික වෙසක් කලාපයක් ලෙස නම් කරමින් වැඩසටහන් රැසක් ද සමගින් එය සංවිධානය කර තිබෙන බව පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.

මැයි මස 5 වන දිනට යෙදෙන වෙසක් පොහෝ දින, ගංගාරාම විහාරස්ථානයේ සිල් සමාදන් කරවීමේ වැඩසටහන පැවැත්වෙන අතර වෙසක් කලාපය කොඩි, ධජ පතාක, අටපට්ටම් කූඩු සහ විදුලි බුබුළු වලින් සැරසීම, මල් පෙරහර පැවැත්වීම, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ඊට සමගාමීව සංවිධානය කර තිබෙනවා.

බොදු බැති ගී ගායනය ජනාධිපති කාර්යාලය සහ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව පැවැත්වීමට නියමිත අතර ගංගාරාම විහාරස්ථානයේ සහ ජනාධිපති කාර්යාලය අසල වෙසක් දන්සැල් පැවැත්වීමට ද නියමිතයි.

යහපත් අරමුණින් යුතුව සංවිධානය කරන මෙවර “බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” ආදර්ශවත් වෙසක් මංගල්‍යයක් වනු ඇති බවයි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.

එමෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට වෙසක් මංගල්‍යය මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් උන්වහන්සේ රට ආර්ථික වශයෙන් යළි ශක්තිමත් වෙමින් පවතින මේ අවස්ථාවේ ධනාත්මකව සිතා යහපත් ප්‍රවේශයක් ලබා ගැනීමට සහ ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට එය ඉවහල් වන බව ප්‍රකාශ කළා.

“බුද්ධ රශ්මි වෙසක් කලාපය” සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලුදෙනාගේ සහාය ලබා ගැනීම අපේක්ෂාව වන අතර ඒ සඳහා සියලුදෙනා දායකවනු ඇති බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ අනුග්‍රහය අපේක්ෂිත පෞද්ගලික ආයතනවල නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26