IMF මුදල් අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් යෙදවිය හැකියි – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබාදීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය
තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදුකළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකඟත්වයත් සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මඟින්
තවත් ඩොලර් බිලියන 07ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම මත ඔවුන් සමඟ ඇති කර ගත් එකඟතා රැක ගැනීම
රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දිළඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකගතා අතර වෙයි.

ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට
අධික මුදලක් ලැබීමට නියමිත බවත්, එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය
ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

එම මුදල් මඟින් අයවැය හිඟය පියවා ගැනීමට ද හැකිවීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

https://youtu.be/UnxwvLYHCSA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22