ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තා අලුත් කළ ස්ටාර්ක්

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 05 බැඟින් වැඩිම අවස්ථා ගණනක දී දවාගත් පන්දු යවන්නන් අතර තුන්වන ස්ථානයට පැමිණීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ට අද හැකියාව ලැබුණා.

ඒ, ඉන්දියාව සමඟ අද (19) විශාකාපට්නම් හිදී පැවති දෙවන එක්දින තරගයේ දී ලකුණු 53ක කඩුලු 05ක් දවාගෙන තරගයේ වීරයා බවට ද පත්වෙමින්.

ඔහු අද තරගයේ දී දවාගත් කඩුලු 05 සමඟ අවස්ථා 09ක දී කඩුලු පහ බැඟින් දවාගෙන තිබෙනවා.

මිචෙල් ස්ටාර්ක් මෙම දස්කම දක්වා ඇත්තේ ජාත්‍යනතර එක්දින තරග ඉනිම් 109කට ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්.

මෙහි පළමු තැන පාකිස්ථාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් පසු වන්නේ කඩුලු 05 බැඟින් දවාගත් අවස්ථා 13ක් ද සමඟයි.

එහි දෙවන ස්ථානයේ ලොව අංක එකේ දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පසුවන අතර, ඔහු එක්දින ඉනිම් 341ක් ක්‍රීඩා කරමින් අවස්ථා 10කදී කඩුලු 05 බැඟින් බිඳ දමා තිබෙනවා.

  1. වකාර් යුනිස් – අවස්ථා 13 (ඉනිම් 258)
  2. මුත්තයියා මුරලිදරන් – අවස්ථා 10 (ඉනිම් 341)
  3. මිචෙල් ස්ටාක් – අවස්ථා 09 (ඉනිම් 109)*
  4. බ්‍රෙට් ලී – අවස්ථා 09 (ඉනිම් 217)
  5. ෂහීඩ් අෆ්‍රිඩි – අවස්ථා 09 (ඉනිම් 372)
  6. ලසිත් මාලිංග – අවස්ථා 08 (ඉනිම් 220)


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27