144 වන නිල් මහා සටනේ ජය රාජකීය විද්‍යාලයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගස්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 144 වන “නිල් මහා සටන” වාර්ෂික තෙදින ක්‍රිකට් තරගය ජයගැනීමට රාජකීය විද්‍යාලයට හැකියාව ලැබුණා.

කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරග කොළඹ රාජකීය විද්‍යාලය ජය ගත්තේ ලකුණු 180කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජකීය ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 08කට දැවී ලකුණු 326ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

එහිදී ඩසිස් මංචනායක රාජකීය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 137ක් රැස් කිරීමට සමත් වුණා.

සිය පළමු ඉනිම ඇරඹු ගස්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි.

ලකුණු 173ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු රාජකීය ක්‍රීඩකයින් සිය දෙවන ඉනිමට ලකුණු 168කට කඩුලු 04ක් දැවී තිබිය දී ඉනිම අත්හිටුවා ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට දෙවන ඉනිම වෙනුවෙන් අවස්ථාව ලබා දුන්නා.

ඒ, අනුව ජයග්‍රහණය සඳහා ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 341ක්.

එම ඉලක්කය හඹා ගිය ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 161ක් පමණයි.

ඒ, අනුව ලකුණු 180කින්, 144 වන නිල් මහා සටනේ ජය තමන් සතුකර ගන්නට රාජකීය විද්‍යාලයට අද හැකියාව ලැබුණා.

WhatsApp Image 2023 03 18 at 3.38.02 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59