Empty Ad
AFC Banner
Empty Ad

දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ බලපෑමක් ගැන සමීක්ෂණ වාර්තාවක් එළියට

කොවිඩ් සමයේ පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ බලපෑම පිළිබද සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබෙනවා.

එහි දී අනාවරණ වී ඇත්තේ මෙරට දරුවන්ගේ සාක්ෂරතා මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බවටයි.

2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2022 වසරේ ජනවාරි මාස දක්වා කාලය තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ මෙමගින් සොයා බලා තිබෙනවා.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක 3 වන ශ්‍රේණියේ දරුවන් දස දහසක් යොදා ගනිමින් සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ යි මෙම සංගණනය සිදු කර ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ එම පිරිසෙන් සියයට 90කට පමණ ප‍්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ සංඛ්‍යා පිළිබඳ දැනුමක් නොමැති බවයි.

ඒ සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27ක් පමණයි.

කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80ක පිරිස එය අසමත්වී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34 ක ප‍්‍රතිශතයකට පමණයි.

සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී සියයට 7ක ප‍්‍රතිශතයක් එය සමත්ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශයක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25

?