බූරු මූණා අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය බූරු මූණා නම් සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 3 වනදා සැකකරු ඩුබායි රාජ්‍යයට පළා යාම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදී තිබියදී යි පළා ගොස් තිබුණේ.

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බව සඳහන්.

මෙම පුද්ගලයට එරෙහිව සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසිනුයි එම තහනම පනවා තිබුණේ.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට පැමිණ සිටියදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට ගත් අතර සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළා ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00