ආර්ථිකය කඩා වැටුණු හැටි හෙළිවෙයි

2022 වසරේ සිව්වන කාර්තුව සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 12.4 ක සෘණ වර්ධන වේගයක් වාර්තා කරමින් පහත වැටී ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, 2022 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික දර්ශක ඇස්තමේන්තු විශ්ලේෂණයට අනුවයි.

එම වාර්තාවට අනුව සිව්වන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,331,073 සිට රුපියල් මිලියන 2,917,721ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව 2022 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7.8ක සෘණාත්මක වර්ධනයක් ලෙයසි ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කර ඇත්තේ.

කෘෂිකර්මාන්ත අංශයේ සියයට 4.6ක පහත වැටීමක් සිදුව තිබෙනවා. කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් පහත වැටී ඇත්තේ සියයට 16කින්.

සේවා අංශයේ ක්‍රියාකාරකම් ද සියයට 2 කින් පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

2018 වර්ෂයෙන් පසුව වසරක් තුළ වාර්තා වන අඩුම දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේදී වාර්තාවී තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14