සුළි කුණාටු තත්ත්වයෙන් මලාවි රාජ්‍යයේ 200කට වැඩි පිරිසක් මරුට

මාසයක් තුළ දෙවන වරටත් දකුණු අප්‍රිකාව හරහා හමා ගිය ෆ්‍රෙඩී නිවර්තන කුණාටුවෙන් පසු මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

මලාවි හි වාණිජ කේන්ද්‍රස්ථානය වන Blantyre ප්‍රදේශයේ ළමුන් ද ඇතුළුව මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි සඳහන්.

මෙම ජල ගැලීම් තත්වය හමුවේ මලාවි හි කොලරාව පැතිරීම උග්‍ර වනු ඇති බවටයි සහන ආයතන අනතුරු අඟවන්නේ.

කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දකුණු දිස්ත්‍රික්ක 10ක හදිසි ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුළි කුණාටුව සහ ජල ගැලීම් තත්වය හමුවේ 20,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව රජයේ ආපදා සහන ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා.

වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටයි සැක කෙරෙන්නේ.

ජල විදුලි බලාගාරය ද සුන්බුන්වලින් පිරී ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ජාතික විදුලි සමාගම සඳහන් කර තිබෙනවා.

ගඩොල් සහ මඩ සහිත නිවාසවල ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශවල දුප්පත් ප්‍රජාවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි සඳහන්.

මෙම නිවාසවලින් සමහරක් ගංවතුරට කඩා වැටී ඇති අතර අනෙක් ඒවා සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබෙනවා.

මාර්ග සහ පාලම් කඩාවැටීම ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇති අතර අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් හෙලිකොප්ටර් භාවිතා කිරීමට ද හැකියාවක් ලැබී නැහැ.

ආහාර සහ නවාතැන් නොමැතිව සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව සඳහා ආධාර කරන ලෙසටයි මලාවි රජය ආයාචනා කර ඇත්තේ.

ෆ්‍රෙඩී යනු වයඹදිග ඕස්ට්‍රේලියාවේ සිට අප්‍රිකාවේ ප්‍රධාන භූමිය දක්වා සමස්ත ඉන්දියන් සාගරය හරහා ගමන් කළ ඉතිහාසයේ ඇති වූ කුණාටු හතරෙන් එකක් ලෙසට සැලකෙනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව ෆ්‍රෙඩී, වාර්තාගත දීර්ඝතම නිවර්තන සුළි කුණාටුව ද විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00