පුතාගේ පහරදීමෙන් බීමත් පියා ජීවිතක්ෂයට

බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගත් පුද්ගලයෙකු ඔහුගේ පුත්‍රයා කළ පහරදීමකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (14) රාත්‍රී කාලයේ බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලක් රැගෙන ඇයට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

පසුව එම ගැටුම බේරීම සඳහා පුත්‍රයා සහ දියණිය මැදිහත් වී ඇති අතර එහිදී මෙම පුද්ගලයා විසින් ඔවුන් දෙදෙනාට ද පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුව යකඩ පොල්ල පියාගෙන් උදුරා ගත් පුත්‍රයා ඉන් පියාගේ හිසට පහරදී ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ඊයේ අලුයම පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොළොන්නරුව පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32