යුද පෙරමුණට රුසියාවේ කාන්තා සිරකාරියන්

යුක්‍රේනය හමුවේ ලබා ඇති දරුණු පරාජයන් සහ ජිවිත අහිමිවීම් හේතුවෙන් මේ වන විට සිරගතව සිටින කාන්තා රැඳවියන් යුද පෙරමුණට යොමු කිරීමට රුසියාව තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතියේදී රුසියානු සොල්දාදුවන් දහසකට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදී යුක්රේනයයේ Donetsk පළාතේ යුද පෙරමුණට පළමු වරට දුම්රිය ඔස්සේ කාන්තා සිරකාරියන් පිරිසක් යොමු කිරීමට රුසියාව කටයුතු කර ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

මෙලෙස යුද පෙරමුණට යොමු කරනු ලබන කාන්තා සිරකාරියන්, රුසියානු හමුදා සෙබළුන් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වන සැපයුම් අංශවල රාජකාරී සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි සඳහන්.

මේ අතර විවිධ දරුණු ගණයේ අපරාධ සඳහා වැරදිකරුවන් වී සිරගතව සිටින සිරකරුවන් ද යුක්රේන යුද පෙරමුණට යැවීමට රුසියානු රජය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව යුද පෙරමුණට යන සිරකරුවන්ගේ සිර දඬුවම් කාලය අත්හිටුවීමට සහ මාස 06ක සේවා කාලයෙන් පසුව ඔවුන් ඉන් නිදහස් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මෙලෙස යුද පෙරමුණට යන සිරකරුවන් රුසියානු හමුදාවන්ට සහය දක්වන පෞද්ගලික හමුදා සේවාවක් වන “වැග්නර්” සමගයි සේවයට යොදවා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38