කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රි කාලයේදී ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවීහේ හැකියාවක් ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57