IMF ණය ලැබෙන හැටි මුදල් රාජ්‍ය ඇමති කියයි

වසර 04 ක් තුළ අවස්ථා 8 කදී ඩොලර් බිලියන 3ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ IMF මගින් ලැබීමට නියමිතව ඇත්තේ ගැරන්ටියක් පමණක් බවට සති අන්ත පුවත්පතකට ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම මස අවසානය වන විට මීට අදාළ ගිවිසුම් අත්සන් කරනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි.

ඒ අනුව පළමුව ඩොලර් දස ලක්ෂ 350ක පමණ මුදලක් ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ගිවිසුම අත්සන් කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීමට අමතරව ලෝක බැංකුවෙන් ඩොලර් දස ලක්ෂ 500ත් දස ලක්ෂ 1500ත් අතර මුදලක් ලබාදීමට නියමිතව තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව ද ඩොලර් දස ලක්ෂ 600ක පමණ මුදලක් ලබාදීමට සූදානම්ව සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම වසර අගදී ඩොලරයේ අගය රුපියල් 390 දක්වා ඉහළ යා හැකි බවට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙක් පුවත්පතකට කර ඇති ප්‍රකාශය සම්බන්ධව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිළි කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම මගින් එවැනි තත්ත්වයක් මතු නොවන බව ඔහු පැහැදිළි කළා.

එහෙත් මෙවැනි අර්බුධකාරී අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම මගින් මුල්‍ය අරමුදලේ ණය ලබාගැනීම ප්‍රමාද වුවහොත් ඩොලර්යේ අගය යළිත් ඉහළ යාහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?