IMF ණය ලැබෙන හැටි මුදල් රාජ්‍ය ඇමති කියයි

වසර 04 ක් තුළ අවස්ථා 8 කදී ඩොලර් බිලියන 3ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ IMF මගින් ලැබීමට නියමිතව ඇත්තේ ගැරන්ටියක් පමණක් බවට සති අන්ත පුවත්පතකට ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම මස අවසානය වන විට මීට අදාළ ගිවිසුම් අත්සන් කරනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි.

ඒ අනුව පළමුව ඩොලර් දස ලක්ෂ 350ක පමණ මුදලක් ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ගිවිසුම අත්සන් කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබීමට අමතරව ලෝක බැංකුවෙන් ඩොලර් දස ලක්ෂ 500ත් දස ලක්ෂ 1500ත් අතර මුදලක් ලබාදීමට නියමිතව තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව ද ඩොලර් දස ලක්ෂ 600ක පමණ මුදලක් ලබාදීමට සූදානම්ව සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම වසර අගදී ඩොලරයේ අගය රුපියල් 390 දක්වා ඉහළ යා හැකි බවට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙක් පුවත්පතකට කර ඇති ප්‍රකාශය සම්බන්ධව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිළි කළා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම මගින් එවැනි තත්ත්වයක් මතු නොවන බව ඔහු පැහැදිළි කළා.

එහෙත් මෙවැනි අර්බුධකාරී අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම මගින් මුල්‍ය අරමුදලේ ණය ලබාගැනීම ප්‍රමාද වුවහොත් ඩොලර්යේ අගය යළිත් ඉහළ යාහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

  1. ME BURU PAKAYINTA ELECTION EKA MAKKA WAGEYI THAMAYI. MONA KATHWA KALATH IWARA WENNE ELECTION KALOTH RATA HANSIYI KIYAGENA. YAKO UN KIYANNETH OKA THIYAPAN KIYALA. THOPITA THAMAYI OKA THIYANAWA KIYUWAMA REDDHE GU YANNE. IMF TA NOWEYI



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56