මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් ඇමතිට

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් පසුගියදා කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශව කිහිපයක් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

මුදල් නොමැතිකම සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණය කල් දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව පෙරේදා (10) නව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද අතර එම ගැසට් පත්‍රයට අනුව පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව, ඡන්ද පත්‍රිකා සහ මැතිවරණයට අදාළ ද්‍රව්‍ය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

මුද්‍රණ ක්‍රියාවලියේදී අමතර පොලිස් ආරක්ෂාවක් ද දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47