දුම්රියෙන් හමුවූ බිළිඳාගේ පියාගෙන් පාපොච්චාරණයක්

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියකින් හමුවූ බිළිඳාගේ පියා විසින් පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර තිබෙනවා.

සැකකරු පෞද්ගලික සරසවියක 4 වන වසරේ සිසුවෙක් බවටයි මේවන විට හෙළිවී ඇත්තේ.

25 හැවිරිදි ඔහු අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිටියදීයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ තමන් පෙම්වතිය සමග විවාහ වී නොමැති අතර ඇයට නිවසට යාමට අවශ්‍ය බවට පැවසීම හේතුවෙන් දරුවා මෙලෙස දුම්රියේ තබා ගිය බවටයි.

මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇතැයි සඳහන්.

සැකකාර සරසවි සිසුවා ඔන්ලයින් රැකියාවක නිරතව සිට ඇති අතර දරුවා දැමූ කූඩය ද ලබාගෙන ඇත්තේ ඔන්ලයින් ඇනවුම් කර බවට හෙළිකර තිබෙනවා.

දරුවා සහ තම පෙම්වතිය භාර ගැනීමට ද සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

විවාහ නොවීම හේතුවෙන් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි වීම හමුවේ බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව ද සැකකාර පියා ප්‍රකාශකර තිබෙනවා.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි මොවුන් දෙදෙනා හමුවී ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් පොලිස් භාරයට ගත් ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

දුම්රිය වැසිකිළිය තුළ කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම පියා විසින් බවට ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මෙම තරුණයා විසින් තරුණියගෙන් දරුවා ලබාගෙන කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වැසිකිළියේ දමා කොස්ලන්ද ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

තරුණියට දරුවෙකු ලැබීමට සිටින බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඇය කොළඹට ගෙන්වා ගෙන දෙහිවල ප්‍රදේශයේ නතර වී ඇති බව සඳහන්.

එහිදී ගර්භණී පෙම්වතියට අවශ්‍ය සියලු පහසුකම් ද ඔහු විසින් ලබාදී ඇති බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම යුවළ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා ඊයේ පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ අතර මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළ එම බිළිඳා පසුව සාමාන්‍ය වාට්ටුවකට යොමු කර තිබුණා.

බිළිඳාගේ සිරුර මද වශයෙන් කහ පැහැති ගතියක් පෙන්නුම් කර ඇති අතර මව් කිරි ලැබීම අඩුවීම හෝ රුධිර ඝණවල වෙනසක් හේතුවෙන් එම තත්ත්වය සිදුවන්නට ඇති බවටයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38