ජංගම දුරකථනය කනේ තබාගෙන ගියාට උරණ වී තරුණයාගේ කන කපලා

ජංගම දුරකථනයට ආ ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් ගත් තරුණයෙකුට පහර දී ඔහුගේ කන් පෙත්ත කපා දැමූ සිදුවීමක් මඩොල්සිම, කුරුවිගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණයා පෙරේදා (09) රාත්‍රියේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් පැමිණි පුද්ගලයෙකු විසින් ඔහුට පහර දී වම කනේ කන් පෙත්ත කපා දමා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි මෙම තරුණයා මැටිගහතැන්න දිසා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දුරකථනය කනේ තබාගෙන යෑමට විරෝධය පළ කරමින් අදාළ පුද්ගලයා විසින් මෙම තරුණයට පහර දී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත පිහියකින් මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ තරුණයාගේ මව විසින් මඩොල්සිම පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනආරම්භ කර තිබූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46