මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට සහනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම රාජ්‍ය සේවකයන්ට ඊයේ (09) දිනයේ සිට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුල අදාළ නිලධාරියාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවටයි මැතිවරණ කොමිසම නිර්දේශ කර ඇත්තේ.

අදාළ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට දන්වා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් වෙත දැනුම්දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කළා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොවැළැක්විය හැකි හේතු මත අප්‍රේල් මස 25 වනද් දක්වා කල් දැමීමට සිදුවී තිබෙනවා.

වත්මන් ආර්ථික තත්ත්වය යටතේ එලෙස දිගු කාලසීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගැනීම මගින් එම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම දැඩි සේ දුෂ්කර වි ඇති බවට සහනයක් ලබා දෙන ලෙසට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

Election 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46