නීතිඥවරයෙකුට හා ඔහුගේ පියාට මහමගදී පහරදුන් හරිත සරසවියේ සිසුන් 07 අත්අඩංගුවට

නීතිඥවරයෙකුට හා ඔහුගේ පියාට මහමගදී පහරදුන් හෝමාගම හරිත සරසවියේ සිසුන් 07 දෙනෙකු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පිළියන්දල පොලිසිය මගින් මෙම සිසුන් 07 දෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥවරයා කළ පැමිණ පැමිණිල්ලකට අනුවයි.

කැස්බෑව අතුරු මාර්ගයේදී පෙරේදා දහවල් නීතිඥවරයාට හා ඔහුගේ පියා කැබ් රථයකින් නිවස කරා යමින් සිටයදී සිසුන් කණ්ඩායම මග හරස් කර යකඩ පොලු හා අතින් පයින් පහරදී ඇති බව පොලිසිය පැවසුවා.

පහරකෑමට ලක්වූ නීතිඥවරයා මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්දියට මුල් වී තිබෙන්නේ නීතිඥවරයා හා සිසුන් අතර කහතුඩුව ප්‍රදේශයේදී ඇතිවූ බහින් බස් වීමක්.

අනතුරුව නීතිඥවරයා හා ඔහුගේ පියා ගිය කැබ් රථය පසුපස කහතුඩුවේ සිට වෑන් රථයකින් හඹා ආ සිසුන් මග හරස් කර පහරදීම සිදුකර තිබෙනවා.

ඔවුන් පහරදීම නතර කර තිබෙන්නේ එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් ගත් සෙසු වාහන වල රියදුරන් එම ස්ථානයට පැමිණීමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39