මන්දපෝෂණය ඉහළගොස් ඇති බවට ප්‍රකාශයක් කළ දොස්තරගේ පෙත්සමේ තීන්දුව කල්යයි

සූරියවැව ප්‍රාදේශයේ ළමුන්ගෙන් සියයට 80 කට මන්ද පෝෂණය පවතින බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යුනිසෙෆ් වාර්තා තුළින් ද මෙරට ළමුන් මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බව සඳහන් කොට ඇතැයි කියා සිටියා.

මන්ද පෝෂණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ද ප්‍රකාශ කර ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා ඒ බව දැක්වෙන පුවත්පත් කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කර සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගැනීමකින් තොරව මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම තුළින් සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජනයා තුළ අවිශ්වාසයක් ගොඩ නැගීමට ක්‍රියා කළේ යැයි පෙත්සම්කරු වෙත චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා කිසිඳු අවස්ථාවක මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් නොකළ බවත් සඳහන් කර සිටියා.

එබැවින් ඔහුට එරෙහිව පැවැත්වෙන විනය ක්‍රියාමාර්ග නීතියට පටහැනි බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කර සිටියේ.

වග උත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් සූරියවැව, වල්සපුගල කොස්වගාව ප්‍රදේශයේ දරුවන් 20 දෙනෙකු පමණක් සමීක්ෂණයට භාජනය කොට පෙත්සම්කාර වෛද්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත් එය වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි බවත් කියා සිටියා.

පෙත්සම්කාර වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට විනය පරීක්ෂණ හතරක් පවතින බවත් ඇය සඳහන් කළා.

තමාට විදේශ පුහුණුව සඳහා යාමට අවසර දෙන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටිය ද ආයතන සංග්‍රහය ප්‍රකාරව වැඩ තහනමට ලක්ව සිටින රාජ්‍ය සේවකයෙකුට විදේශ පුහුණුව සඳහා යාමට නිවාඩු හිමි නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියා.

පෙත්සම්කාර වෛද්‍යවරයා සිය පෞද්ගලික මතයක් ජනමාධ්‍ය ඔස්සේ සමාජ ගත කරමින් මෙරට සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජන විශ්වාසය කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව සිදු කරනු ලබන විනය ක්‍රියාමාර්ග නීත්‍යානුකූල බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අද (07) දින සිට සති හතරක් තුළ ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14