පළමු ටෙස්ට් තරගයට එක්වන නවසීලන්ත කණ්ඩායම නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා එක්වන නවසීලන්ත සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙක් ඇතුළත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති එහි නායකයා ලෙස කටයුතු කරණු ලබනවා.

මේ අතර, නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියේ ආරම්භක තරඟය සඳහා ප්‍රමාද වී සංචිතයට එක්වන බවයි වාර්තා වන්නේ.

ටවුපෝ හි හිටපු නගරාධිපතිවරයෙකු වූ ඔහුගේ මිත්තණිය වන ජොආන් විලියම්සන්-ඕර්ගේ අභාවය හේතුවෙන් ඔහුට නියමිත දිනට නවසීලන්ත සංචිතය සඳහා එක්වීමට නොහැකි වී තිබෙනවා.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 09 වනදා ක්‍රයිස්ට්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරග වෙනුවෙන් නම්කළ නවසීලන්ත සංචිතය පහතින්.

ටිම් සවුති (නායක), ඩැරිල් මිචෙල්, ටොම් ලේතම්, ටොම් බ්ලුන්ඩල්, බ්ලෙයාර් ටික්නර්, නීල් වැග්නර්, ස්කොට් කුග්ගෙලේජින්, හෙන්රි නිකලස්, කේන් විලියම්සන්, විල් යං, මයිකල් බ්‍රෙස්වල්, ඩෙවොන් කොන්වෙ, මැට් හෙන්රි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32