ගම්වැසියන් හා ඇතිවූ ගැටුමකින් වීරකැටිය පොලිසියේ 06 දෙනෙකුට තුවාල

වැටලීමක් අතරතුර ගම්වැසියන් හා ඇතිවූ ගැටුමකින් වීරකැටිය පොලිසියේ 06 දෙනෙකුට තුවාල හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු තුවාල ලබා වීරකැටිය හා තංගල්ල රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ වැටලීම් රාජකාරියට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමක් හා ගම්වාසීන් පිරිසක් අතරයි මේ ගැටුම හටගෙන තිබෙන්නේ.

එහිදී ගම්වාසීන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

වීරකැටිය පොලිසියේ නිලධාරින් පිරිසක් පස්වරු 2.30ට පමණ අත්තනයාල ප්‍රදේශයට ගොස් සිටියදි
සැකකටයුතු පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කිරීමට උත්සහ ගෙන තිබුණා.

එම පරික්ෂාවට පිරිස විරෝධය පළකර ඇති අතර අනතුරුව පොලිසිය සමග බහින්බස්වී එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.

තුවාල ලැබුවන් අතර උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක උප නියාමකවරුන් දෙදෙනකු සිටිනවා.

ගැටුම සිදුවූ ස්ථානයේ සිටි පුද්ගලයෙක් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන සපා කෑම නිසා එම නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර ගැටුමට සම්බන්ධ සැකකාර කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19