දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිධන් සොයා කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ආවාස ගෙයක් තුල නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ කාන්තාවක් ඇතුලු 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටියදි හදිසි රිය අනතුරකට ලක්ව අපවත් වූ ස්වාමීන් වහන්සේ නමකගේ ආවාස ගෙයක් තුළ මෙම කැණීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවක් ඇතුළු සැකකරුවන් 10 දෙනා සමග ඔවුන් පැමිණි වෑන් රථ දෙකක් ද පොළොන්නරුව පුරාවිද්‍යා අංශය භාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් කොළඹ, මාතර, අනුරාධපුර, පුත්තලම, ගල්ගමුව, දිඹුලාගල සහ නවමිල්ලාන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ත් ත් 50 ත් අතර වයසේ පසුවන්නන්.

මෙම කැණීම් කටයුතුවලට සෘජු සම්බන්ධතා ඇති තිදෙනෙකු අත්අඩංගුවටගෙන පොලිස් භාරයේ රඳවා සිටින බවයි පොළොන්නරුව පුරාවිද්‍යා අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

සැකකරුවන් සතුව තිබූ උදැල්ලක්, ප්ලාස්ටික් බාල්දියක්, සවල් දෙකක්, යකඩ ඉන්නක්, තාච්චියක්, පිටු 80ක පුස්කොළ පොතක් සහ බෙහෙත් තෙල් කුප්පියක් ද අත්අඩංගුවටගෙන තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටියදී අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේ නමකගේ කුටිය තුල මෙම කැණීම් කර ඇති අතර මෙම ජාවාරම්කරුවන් සමඟ තවත් භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධ ද යන්න විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23