දේශීය ටින් මාලු සඳහා SLS ලාංඡනය අනිවාර්ය වෙයි

ප්‍රමිතිය සහතික කෙරෙන SLS ලාංඡනය නොමැති දේශීය නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් යොමු කරන ලෙසට පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජනතාවට දැනුම් දෙනවා.

SLS ලාංඡනය නොමැති දේශීය නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමු කළ හැකි අතර SLS ලාංඡනය ලබාදී ඇති ටින් මාළුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතී නම් එම පැමිණිලි ප්‍රමිති ආයතනය වෙත ඍජුවම යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රෙගුලාසිවලට අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වෙළඳ පොලට නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය බවයි.

ආනයනික ටින් මාළු සඳහා SLS ලාංඡනය අනිවාර්ය නොවුන ද එම ආනයනික ටින් මාළු වරාය රේගු නිෂ්කාශනයට පෙර නිසි ගුණාත්මක ප්‍රමිතිය යටතේ ඇත්දැයි ප්‍රමිති ආයතනය මගින් විද්‍යාගාර පරීක්ෂාවකට භාජනය කරනු ලබනවා.

අදාළ ටින් මාළු රේගු නිෂ්කාශනය සඳහා අනුමැතිය ලබා දෙනු ලබන්නේ එම පරීක්ෂණයේදී අදාළ ටින් මාළු නිසි ප්‍රමිතියට පවතින්නේ නම් පමණයි.

Canned Fish1 scaled
Canned Fish2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49