දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියගේ සිරුර බේරුවල මහ මුහුද මැද

මීට දින දින දෙකකට පෙර අතුරුදන් වූ බේරුවල, මොල්ලිමලේ, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

බේරුවල ධීවර වරායට කිලෝ මීටර් දෙකක් පමණ ඈතින් වූ මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයින් පිරිසකට අද (03) උදෑසන මෙම මළ සිරුර හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර ගොඩට රැගෙන ඒමෙන් අනතුරුව බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිසිය මූලික පරීක්ෂණ සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලට යොමුකර තිබෙනවා.

බේරුවල, මොල්ලිමලේ, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි මෙම තරුණිය නිවසින් අතුරුදන්ව ඇති බවට පසුගිය දෙවන දින පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36