IMF ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතිනවා.

පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයක්.

එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බවයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ණය බරින් පීඩිත රටවලට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීමට අවශ්‍ය කටයුතු සලසන බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26