විදේශ රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර

විදේශ රැකියා සඳහා යොමු කරන බව පවසමින් මුදල් ජාවාරම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා.

එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.

රටේ පවතින නීතියට පටහැනිව කටයුතු කරන කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට ආමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ කිසිදු අයෙක් කටයුතු නොකරන අතර නීති විරෝධී කටයුතු කරන පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා කිසිදු අවස්ථාවකදී මැදිහත්වී නොමැති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ද තරාතිරම නොබලා එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද කාර්යාංශය සඳහන් කළා.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයෙන් කිසිදු අයෙක්ට ලිපි නිකුත් නොකරන බව ද එම කාර්යාංශය පෙන්වා දෙනවා.

ඒ ආකාරයට ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි නිකුත් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විටත් පැමිණිලි ලැබී ඇති අතර ඔවුන්ට අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශන ක්‍රියාත්මකයි.

විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කළ හැක්කේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර එවැනි බලපත්‍රයක් නොමැති කිසිදු අයෙක්ට විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීමට නීත්‍යානුකූල අවසරයක් හිමිවී නැහැ.

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් එකතු කරන අතරමැදියන්ට හසු නොවන ලෙසට ඉල්ලා සිටින බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

පුද්ගල වෙ‍ෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්ගත කරනු ලබන ක්‍රීයාවලියක් හරහා දත්ත පද්ධතියක් වෙත එම තොරතුරු ගොනු කිරීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

ඊට අමතරව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සඳහා නව නීති රීති ඇතුළත් කර නව සංශෝධනයන් සිදුකිරීමට අදාළ යෝජනා රැසක් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කළ බවයි එම කාර්යංශය වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?