කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කන්දකුලිය වෙරළ තීරය ආසන්නයේ සඟවා තිබූ රුපියල් කෝටි හතරකට ආසන්න බීඩි කොළ තොගයක් නාවික හමුදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදාව අත් අඩංගුවට ගෙන ඇත්තේ විශාල උර 36ක් තුළ අසුරා තිබූ කිලෝ 1800කට ආසන්න බීඩි කොළ තොගයක්.

මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරෙන ටිපර් රථයක් ද නාවික හමුදා නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පළා ගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

විජය නාවික හමුදා කදවුරේ නිළධාරින් විසින් කන්දකුලිය වෙරළ තීරයේ අද අලුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර මෙම බීඩි කොළ තොගය සොයා ගෙන තිබෙනවා.

ඒවා ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ඇති අතර කිසිවෙකුට සැක නොසිතෙන අයුරින් ප්‍රවාහනය කිරීමට ටිපර් රථය යොදා ගැනීමේ සූදානමක් තිබී ඇතැයි ද සඳහන්.

මෙම බීඩි කොළ තොගයට ජලය කාන්දු වීම වැලැක්වීම සඳහා ආරක්ෂිත පොලිතින් බෑග්වල අසුරා තිබූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ටිපර් රථය හා රුපියල් කෝටි හතරකට ආසන්න බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සදහා කල්පිටිය පොලිසියට භාර දී තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව හා කල්පිටිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?