මෙක්සිකෝවේ භූමිකම්පාවක්

මෙක්සිකෝවේ Oaxaca ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකක 5.7 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) සඳහන් කළේ භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) ගැඹුරින් සිදුවී ඇති බවයි.

මෙම භූ කම්පනයෙන් සිදුවූ හානියක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි රික්ටර් මාපක 5.0 ක භූමිකම්පාවක් අද උදෑසන 06:05 ට පමණ සිදු වුණා.

එම භූමිකම්පාව හේතුවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ මූලික වාර්තා මෙතෙක් ලැබී නැහැ.

මෙම කම්පනයෙන් සැලකිය යුතු හානියක් විය නොහැකි බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

ඉදිරි දිනවලදී පසු කම්පන ඇති විය හැකි අතර මෙම කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නැහැ.