හොරණ රෝහලේ විදුලි පංකාවක් කඩා වැටී හෘද රෝගින් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

හොරණ මූලික රෝහලේ හෘද රෝග සායනයට පැමිණි රෝගින් දෙදෙනෙකුගේ හිස මතට විදුලි පංකාවක් කඩා වැටීමෙන් ඔවුන් හදිසි ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.

එක් රෝගියෙකුගේ හිසට හා අනෙක් රෝගියාගේ හිස සහ කනට මෙම අනතුරෙන් තුවාල සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවා.

අනතුරට පත් රෝගීන් දෙදෙනා පවසන්නේ විදුලි පංකාව ශබ්ද නගා කැරකෙමින් තිබී එකවරම කඩා වැටුණු බවයි.

රෝහලේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවීම මත මෙවැනි අනතුරු සිදුවන බවට රෝගීන් චෝදනා කරනවා.

WhatsApp Image 2023 03 02 at 11.06.53 2
WhatsApp Image 2023 03 02 at 11.06.51 2