AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සැරයන් පැදවූ කැබ් රථය අනතුරේ (ඡායාරූප)

හබරණ පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු පැදවූ කැබ් රථයක් අද අලුයම 2.00ට පමණ ගලෙන්බිඳුණුවැව කැකිරාව B 133 මාර්ගයේ යකල්ල මෙගොඩවැව ප්‍රදේශයේ දී අනතුරකට ලක්වී තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී කැබ් රථයේ ගමන් ගෙන තිබුණේ පොලිස් සැරයන්වරයා පමණක් වන අතර අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.

ගලෙන්බිඳුණුවැව සිට හබරණ බලා ධාවනය වු කැබ් රථයේ වේගය පාලනය කල ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගසක ගැටි ඇති බව පොලිසිය පැවසුවා.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී ආපසු එමින් තිබියදී කැබ් රථය අනතුරට ලක්වී තිබුණා.

WhatsApp Image 2023 03 02 at 10.30.33
WhatsApp Image 2023 03 02 at 10.30.32 1
WhatsApp Image 2023 03 02 at 10.30.31 1
WhatsApp Image 2023 03 02 at 10.30.31
WhatsApp Image 2023 03 02 at 10.30.29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?